Wednesday 7 August 2013

කිරිපිටි වල රසායනිකය අඩංගු වේ.- අමාත්‍ය පාඨලී චම්පික රණවක

කිරිපිටි වල ඩී.සී.ඩී නැමැති රසායනිකය අඩංගු බවට සමාජයේ පැතිර යන කතාව අසත්‍යයක් නොවන බවද ජනතාව බලය අතට ගැනීමට පෙර බලධාරීන් එය විසඳිය යුතු බවද
අමාත්‍ය පාඨලී චම්පික රණවක
තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙම ප්‍රශ්නය ගැන මාධ්‍ය, දේශපාලකයින්, වෘත්තීයවේදීන් පවා කතා කිරීමට බිය බවත්, තමන් මෙහි භයානකම කම පෙන්වාදෙන්නේ පියෙකු ලෙස බවත් හෙතෙම කීවේය.
“නිහඬ මරණයට පාර කපන වස විස පිරි ආහාර” යනුවෙන් කොළඹදී අද පස්වරුවේ කැඳවා තිබූ දේශනයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කිරිපිටි වල ඩී.සී.ඩී අඩංගුව බැව් සඟවා තැබීම සහසික අපරාධයක් බවද කිසිවෙකුත් ඊට උඩ ගෙඩි නොදිය යුතු බවද අමාත්‍යවරයා එහිදී කීවේය.
අදාළ සමාගම් කුමක් කීවද චීනය, රුසියාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල් නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය නවතා ඇති බවද ඔහු පැවසීය.
එම රටවල් කිරිපිටි ආනයනය තහනම් කර ඇති බැවින් එම කිරිපිටි ටොන් ගණනින් මෙරටට ගොඩබෑමට ඉඩ ඇති බවද ඔහු එහිදී පෙන්වාදුන්නේය.
මේ නිසා මේ ගැන බලධාරීන් විමසීමෙන් සිටිය යුතු බවද කී අමාත්‍යවරයා මීට නිලධාරී මට්ටමේ මැදිහත්වීමකින් විසඳුමක් සෙවිය යුතු බවද කීවේය.

No comments:

Post a Comment