Tuesday 13 August 2013

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරයි.


අලි ඇතුන්ගේ දත්ත ඇතුළත් නාම ලේඛනය අස්ථානගතවීම සම්බන්ධව වනජීවී හා සංරක්ෂණ අමාත්‍යංශයේ නීති අංශය භාර සහකාර අධ්‍යක්ෂවරියක ඇතුළු තවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. මේ පරීක්ෂණවලට අමතරව දෙපාර්තමේන්තුවේ සියලුම අංශ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකෙරෙන බවද ඇමැතිවරයා පැවැසීය.

ඒ අනුව යාල වනෝද්‍යානයේ සංචාරක කඳවුරු බිම් පවත්වාගෙන යෑම සම්බන්ධව පුළුල් පරීක්ෂණ පවත්වන බවත්, ඊට ඍජුවම සම්බන්ධව සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගේද වැඩ තහනම් කළ බවත් ඇමැතිවරයා පැවැසීය.

අලි ඇතුන් ජාතික සම්පතක් බවත්, එය රැකගැනීම වනජීවී අමාත්‍යංශයේ කාර්යභාරය බවත් පැවැසූ ඇමැතිවරයා සිය වගකීම පැහැර හරිමින් එයට එරෙහිව ක්‍රියා කරන හා වංචනික බලපත්‍ර ලබාදීමට කටයුතු කරන කවරකුට වුවද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

No comments:

Post a Comment