Wednesday 14 August 2013

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට තරග පාවාදීමේ චෝදනා

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සභාගි වූ කෞෂාල් ලොකුආරච්චිට තරග පාවාදීමේ චෝදනා එල්ලවී ඇතියි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔහු එම තරගාවලියේදී ධකා ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කළේය.
මේ බැව් අයි.සී.සී.ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඊයේ (13) දන්වා ඇති බවද පැවසේ.
එම තරගාවලියේදී තරග පාවාදීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් 09 දෙනෙකුට චෝදනා එල්ලවී ඇති අතර තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු දූෂණ සම්බන්ධයෙන් වාර්තා නොකිරීමට එරෙහිව චෝදනාවට ලක්ව සිටිති.
හිටපු බංග්ලාදේශ නායක මොහොමඩ් අශ්රාෆුල්ට ද තරග පාවාදීමේ චෝදනා එල්ලව ඔහුව අයි.සී.සී.යේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමෙන් පසු බංග්ලාදේශ ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් හැඩූ කදුලින් පසුගිය ජූලි මාසයේදී පාපොච්චාරණයක් කළේය.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හා අයි.සී.සී.ය ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් චෝදනාවට ලක්ව සිටින සෙසු ක්‍රීඩකයන්ට ඉදිරි දින 14 ඇතුලත අභියාචනා ඉදිරිපත්කරන ලෙසද දන්වා තිබේ.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තාවලට අනුව පෙබරවාරි 02 වැනිදා පැවැති තරගය පරාජයට අශ්රාෆුල්ට ටකා මිලියනක මුදලක් (ඇමරිකානු ඩොලර් 12,800) ගෙවා ඇතැයි පැවසේ.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ද ධකා ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කළේය.

No comments:

Post a Comment