Wednesday 14 August 2013


වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වූ උද්ඝෝෂණයක්  අද (14) කොටුව දුම්රියපොළ ඉදිරියේදී පැවැත්වීය.
මේ නිසා පැයකට ආසන්න කාලයක් මාර්ගයේ එක් මං තිරුවක් වසා තිබිණි.
මේ උද්ඝෝෂණය නිසා මහජනයාට පිඩාවක් ඇති වුවහොත් අවශ්‍ය වූවිට සාමය රැකීමටඅවම බලය පාවිචිචි කිරීමට අවසර ඉල්ලමින් කොටුව පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ. එම්. සහබ්දීන් මහතාට අද උදේ කරුණු වාර්තා කළේය.
උද්ඝෝෂණයක් කිරීමේ අයිතිය මහජනයාට ඇතැයි මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළේය.
මහජනයාට හිරිහැර වෙතොත් සුදුසු පියවර ගැනීමට බලය ඇතැයි  මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.
 
 
 








No comments:

Post a Comment