Thursday 8 August 2013

ත්‍රිකුණාමලයේ සිසු ඝාතනය පොදු රාජ්‍ය මණ්ඩලයට


dr manoharan
වෛද්‍ය කාසි පිල්ලෙ මනෝහරන්
ශ්‍රී ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම පිළිබඳව බරපතල ගැටළු තිබියදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුව පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් තම කනස්සල්ල පළ කරයි.
දෙදහස් හය අවූරුද්දේ ත්‍රිකුණාමලයේ දී තම පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් රජයේ ආරක්ෂක හමුදා විසින් මරා දැමීමේ සිදුවීම පිළිබඳව කරුණු දක්වන වෛද්‍ය මනෝහරන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියා වලිය නිසියාකාරව ඉටු නොවීම පිලිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහා ලේකම් වරයා තම අවධානය යොමු කලයුතු බවයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ පිළිබඳව පොරොන්දු වූ අන්දමින් නිසියාකර පරීක්ෂණ පවත්වන්නට කටයුතු නොකළ තැන තමන්ට සහ පවුලේ අයට රටින් පළා යාමට සිදුවූ බව පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා වෙත ලිපියක් යොමු කරමින් වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් පවසයි.
සිදුවීමට සම්බන්ධව අණ දුන් පොලිස් නිළධාරියා යළිත් වතාවක් ත්‍රිකුණාමලයේ නියෝජ්‍ය පොලිස්පති වරයෙක් ලෙස පත් කොට ඇතැයි වෛද්‍ය කාසි පිල්ලෙ මනෝහරන් පෙන්වා දෙයි.
අපරාධ විමර්ශනය සහ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එකඟ වී තිබෙන අන්තර් ජාතික එකඟතාවයන්ට අනුකූල පරීක්ෂණයක් ලබා ගැනීමට තමන්ට සහාය වන්නැයි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහා ලේකම් කමලේෂ් ශර්මා ගේ නියෝජිතයා ලන්ඩනයේදී හමුවූ වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment