අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ සිටින අලි පැහැර ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී පී.හැරිසන් මහතා පවසයි.
ඊයේ ගල්ගමුව ප්රදේශයේ ජන හමුවකට එක්වෙමින් මන්ත්රීවරයා පවසා සිටියේ
වයඹ පළාත් සභා මැතිවරණයට නොබියව මුහුණ දෙන බවයි. මන්ත්රීවරයා මෙහිදී පවසා
සිිටියේ අශ්වයෙකුට ලාඩන් ගහනකොට කකුලේ හිටපු මැක්කෙක් අණ්ඩක් දික් කරලා ඌ
හිතුවා මමත් ලොක්කෙක් කියා බවයි.
එහිදී මන්ත්රිවරයා පොඩි කෙනෙක් කියපු කතාවක් ද මේ පවසා සිටියා. ‘මාමේ දැන් අලියා මහ ලොකුයි කියන සිංදුව හරි වෙනස් වෙලා කියලා’. දැන් කකුල් දෙකේ අලිත් උස්සනවා. ඒ මදිවට කැලේ ඉන්න කකුල් හතරේ අලින්ගේ නාම ලේඛණයත් උස්සන බව ද මන්ත්රිවරයා පවසා සිටියා. සිරිකොත දැන් ඉන්න අලි ආයේ පනින්නේ නෑ. පැනලා හිටපු අලිත් දැන් ඇවිල්ලා පෙරහැරේ යන්න ලැහැස්ති වෙනවා කන් දෙක හොලවලා උජාරුවට අපි වයඹ පළාතේ පෙරහැරේ ඒ අය එක්ක යන බවත් මන්ත්රිවරයා පවසා සිටියා.

No comments:
Post a Comment