පිළිගත් ක‍්‍රමවේදයකට අනුව පමණක් රැකියා සඳහා මැලෙසියාවට
පැමිණෙන ලෙස ශ‍්‍රි ලංකිකයන්ගෙන් මැලෙසියා ශ‍්‍රි ලංකා මහකොමසාරිස්
ඉල්ලිමක් කර තිබේ.
නිත්‍යානුකුල අයුරින් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
ලියාපදිංචි වී පැමිණිය යුතු බවයි මහකොමසාරිස් ඉබ‍්‍රහිම් සහිබ් අන්සාර්
මහතා පවසා තිබෙන්නේ. එසේ ලියාපදිංචි නොවි පැමිණිණෙන පුද්ගලයින් නිති විරෝධි
ලෙස පැමිණිමෙන් විවිධ ගැටළු රැසකට මුහුණ දීමට සිදු වන බවයි ඔහු පවසා
සිටියේ. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ විවිධ පුද්ගලයින්ගේ මඟ පෙන්වීම මත
නිති විරෝධි ලෙස රැකියා සඳහා මැලේසියාවට පැමිණි විශාල පිරිසක් මේ වන විට
අතරමං වී සිටින බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. නීති විරෝධි අයුරින්
මැලෙසියාවට පැමිණෙන පුද්ගලයින් එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන සිර ගත
කරන බව ද වසරක් හෝ දෙකක් මෙලෙස සිර දඩුවම් විදිමට සිදු වන බව ද ඔහු පවසා
සිටියා.
No comments:
Post a Comment