Monday 12 August 2013

නොඑන බව සහතිකයි - කැනඩා විදේශ අමාත්‍ය කියයි


 
 




ශ්‍රිලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වන බවට තමන් සදහන් නොකළ බව කැනේඩියානු විදේශ අමාත්‍යවරයා කියයි.

කැනේඩියානු විදේශ අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන බවට ස්ථිර කර ඇතැයි මෙරට පළවු පුවත්පත් දෙකක පළවී තීබ බවත් එම ප්‍රවෘත්තිය අසත්‍ය බවත් බෙයාර්ඩ් සදහන් කර තිබේ.

ලබන නොවැම්බරයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගිවන රටවල් 54න් සියයට 85ක්ම මේ වන විට පැමිණිම සනාථ කර ඇති බව එම පුවත්පත්වාර්තාවේ සදහන් වී තිබිණ.ඒ අතර කැනේඩියානු විදේශ අමාත්‍යවරයාද වන බවත් මේ නිසා කැනඩාව ද මෙම සමුළුවට එක්වනු ඇති බව එම පුවත්පත් වාර්තා වල සදහන් විය.

කැනේඩියානු විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ 2009 දී අවසන් වු සිවිල් යුද්ධයේදී ශ්‍රිලංකාව කටයුතු කළ ආකාරය පිළිබද විදේශ අමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමුව ඇතිබවයි.මේ නිසා කිසිදු අයුරකින් මෙම සමුළුවට කැනඩාව සහභාගි නොවන බව එම ප්‍රකාශකයා නිල වශයෙන් පවසා තිබේ.

මේ අතර කැනේඩියානු අග්‍රමාත්‍ය වරයාද සමුළුවට සහභාගි නොවන බව මීට පෙර ප්‍රකාශ කළ අතර එම ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව කැනඩා රජයේ ප්‍රකාශකයා අවධාරණය කර තිබේ.

No comments:

Post a Comment