Thursday 1 August 2013

බස් රථයක දි පාසල් ළමුන්ට, කාන්තාවන්ට අසභ්‍ය දර්ශන පෙන්නලා



xxx-bus-sri-lankaපෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක අසභ්‍ය දර්ශන ඇතුළත් ඩී.වී.ඩී. පටයක් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම බස් රථ රියදුරුවරයෙකු සහ සහයකයා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, හෙට දිනයේ ඔවුන්ට පොළොන්නරුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ය.
එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, කදුරුවෙල සිට අරලගංවිල, අරුණපුර දක්වා ධාවනය වූ බස් රථයක සේවකයින් දෙදෙනෙකි.‍
‍එම බස් රථයේ සවි කර තිබූ රූපවාහිනි යන්ත්‍රයේ ගීත ප්‍රචාරය වන අතරතුර මෙම අසභ්‍ය විඩියෝව ද දර්ශනය වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
එම අවස්ථාවේදී බස්රථය තුළ පාසල් ළමුන්, කාන්තාවන් ඇතුළු පිරිසක් ගමන් ගෙන ඇති අතර සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද බස්රථයේ ගමන් ගෙන තිබේ.
ඔවුන් විසින් අරලගංවිල පොලීසියට කළ දැනුම්දීමට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මේ සම්බන්ධයෙන් තම සුවිශේෂී අවධානය යොමු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එම කොමිෂන් සභාව පැවසුවේ, අන්තර් පළාත් බස්රථවල මෙන්ම මාර්ගස්ථ අධිකාරීන් යටතේ පාලනය වන බස්රථ තුළ  ප්‍රදර්ශනය කෙරෙන වීඩියෝ දර්ශන පිළිබඳව සොයා බැලීම සඳහා වන රෙගුලාසි ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව ය.

No comments:

Post a Comment