Tuesday 6 August 2013

රාජකීයේ විදුහල්පති අතුලගේ කොරපොතු සුද්ද කරයි


athula-gossip
කුරුණෑගල වැව රවුමේ පිහිටි වයඹ මහ ඇමැතිගේ නිල නිවාසයෙහි පෙරේදා (04) පැවැති සාදයකට තිප්පිලි මාළුන් සුද්ද කළ වයඹ පළාතේ රාජකීය තත්වයේ විදුහලක විදුහල්පතිවරයකු පිළිබද තොරතුරු අපවෙත වාර්තාවේ.
මෙය මත්පැන් සාදයක් වූ අතර එය පවත්වා ඇත්තේ විදුහල්පතිවරුන් ඇතුළුව පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිළධාරීන් වෙනුවෙන්වීම විශේෂත්වයකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු විශාල ප්‍රමාණයක් අදාල සාදයට සහභාගී වූ අතර මහ ඇමැතිවරයාගෙන් විශේෂ වරප්‍රසාද ලැබූ විදුහල්පතිවරු සාදයට පමණක් සීමා නොවී මහ ඇමැති නිල නිවසෙ කුස්සියෙහි ආවතේව කටයුත්තේද නිරත වී ඇත.

එසේ කුදු මහත් කටයුත්තේ නිරත වූ විදුහල්පතිවරයෙක් සාදයට තිප්පිලි මාළුන් ටයි කෝට් පැළඳගෙනම සුද්ද කරමින් සිටි මේ විදුහපල්පතිවරයා දුටු විගස ‘‘ ආ ... මචං උඹ මාළු සුද්ද කරනවා නේ... ඉදා බීපන් සිගරට් එකක් යැයි පැවසීය. එවිට මාළු සුද්ද කරමින් සිටි මේ  විදුහපල්පති ‘‘ මාළු අතේ, ගහපන් ඕක කටේ.. යැයි පවසා ඇත.

අදාළ සිදුවීමේ පදනම මෙසේය. හිටපු වයඹ මහ ඇමැති අතුල විජේසිංහ විසින් පිහිටුවා ගනු ලැබූ අතුල විජේසිංහ පදනම යටතේ පසුගිය කාලයේ විවිධ ව්‍යාපෘතීන් දියත් කරන ලදී. ඒ වෙනුවෙන් බර පැන් දැරුවේද අද විදුහල්පතිවරුන් ලෙස සිටින මේ හෙංචයියන්මය.

ඒ යටතේ පළාතේ විදුහල්පති තනතුරුවලට පොරකමින් සිටි උප ගුරු, නියෝජ්‍ය විදුහපති ආදී තනතුරැවල සිටි ගුරුවරුන් 12 දෙනෙකු විදුහල්පති තනතුරුවලට උසස් කරන ලදී. එසේ උසස් කරන ලද විදුහල්පතිවරු මෙවර මැතිවරණයේදී පාවිච්චියට ගැනිම සදහා කටයුතු යෙදූ අතුල විජේසිංහ ඒ සදහා ඔවුන්ට සිදුකළ මත්පැන් සංග්‍රහයේදි මෙම සිදුවීම සිදුව ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

No comments:

Post a Comment