Monday 12 August 2013

ඇමති පුත් -අනාගත විදුලිබල අමාත්‍යවරයා


දේශපාලනඥයින් යන පාරක තම දරුවා නොයනව බව විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බකමුණ, ඔරුබැඳිසියඹලාව ප‍්‍රදෙශයේ සමගිපුර විදුලි යෝජනා ක‍්‍රමය වීවාත කිරිමේ උත්සවයට එක්වෙමිනි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කුඩා පුත‍්‍රයා ද සහභාගී වී තිබේ. එම අවස්ථාවට එක් වු නියෝජ්‍ය අමාත්‍යවරයාට ගම්මුන් විසින් තිළිණයක් ලබා දී ඇති අතර ගම්මුන් විසින් පුංචි පුතාට ද තිළිණයක් ප‍්‍රදානය කිරිමට සුදානම් කර තිබුණා. එම තිළිණය එහි පැමිණ සිටි සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සුරියආරච්චි මහතා විසින් අනාගත විදුලිබල අමාත්‍යවරයාට දැන්ම උපහාර පිදිය යුතු බව පවසා තිළිණය ප‍්‍රදානය කිරිමට සුදානම් වී තිබේ.
එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් මහතා පවසා සිටියේ දේශපාලනඥයන් යන පාරකවත් තම දරුවා නොයවන බවයි. ඒම හතා එහිදි ජනතාව අමතා පවසා තිබේනනේ ද අද අමාත්‍යවරුන් ජනතාවට කන් නොදෙන බවයි. තමන් ජනතාව වෙනුවෙන් කැප කිරීම අතිවිශාල බවත් නමුත් ඇතැම් දේශපාලනඥයින් පිලිබඳ කලකිරිමකින් කතා කිරීමට සිදු වී ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ

No comments:

Post a Comment