Tuesday 13 August 2013

කඩල විසවී 7ක් රෝහල්ගත කරලා




බළපිටිය, විජේරාම පාර බ්‍රාහ්මණවත්ත ප්‍රදේශයේ නිවාස දෙකක පුද්ගලයන් හත්දෙනකු පෙරේදා (12දා) රාත්‍රියේ ආහාරයට ගත් කඩල විස වීමෙන් දෙදෙනකු කරාපිටිය රෝහලටත්, පස්දෙනකු බළපිටිය රෝහලටත් ඇතුළත් කර ඇතැයි අහුංගල්ල පොලිසිය පවසයි.

එක් නිවෙසකට මේ කඩල ලැබී එය අනෙක් නිවෙසට ලබාදී ඇති අතර කඩල ආහාරයට ගත් නිවෙස් දෙකෙහිම පුද්ගලයන් ඊයේ (13දා) උදෑසන සිහිය නොමැතිව තැන් තැන්වල වැටී සිටිනු දැක ඇති එක් නිවෙසක කඩල නොකෑ අයකු මේ පිරිස රෝහල්ගත කර පොලිසියට පැමිණිලි කර තිබේ.

ආහාර විස වූ මේ පිරිස අතර වයස අවුරුදු දෙකහමාරක කුඩා පිරිමි දරුවකුද සිටින බව අහුංගල්ල පොලිසිය කියයි.
කඩලවලට යම් විසක් එකතුවන්නට ඇතැයිද යන්න පිළිබඳ අහුංගල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

No comments:

Post a Comment