Wednesday 7 August 2013

ශ‍්‍රි ලංකාවේ සිටින අංක එකේ බටහිර පෙනුමක් ඇති නිරූපණ ශිල්පිණිය


නිරූපිකාවන්ට හැදියාවක් නැද්ද?
ඇය බෙහෙවින් පියකරුය. පැහැපත් තරුණියන් අතරේ ඇය කැපී පෙනෙන චරිතයකි. හර්ෂණි චතුරිකා වන ඇයට නිරුපණ ශිල්පිනියක්. ශ‍්‍රි ලංකාවේ සිටින අංක එකේ නිරූපණ ශිල්පිණියන් අතරේ බටහිර පෙනුමක් ඇති එකම තැනැත්තිය ඇයයි.
හර්ෂි කොහොම ද නිරූපණ ක්‍ෂේත‍්‍රයේ නමක් දිනාගත්තේ.
ඔබේ ජිවිතයේ අරමුණ වුණේ?
මෝසතර නිරූපිකාවක් වීම

ඔබගේ පැහැය ඊට බාධාවක් නෙමෙයිද?
නැහැ. මට ඒක හොඳ වටිනාකමක් වුණා.

ගොඩක් අය හිතන්නේ ඔබ විදෙස් රටක කියලා?
ඒ මගේ පෙනුම නිසා. මගේ අම්මා සිංහල, තාත්තා බහරෙන්. ඒ හින්දා ගොඩක් දෙනෙක් හිතනවා මම ලංකාවේ නෙමෙයි කියලා.


Harshani Chathurika 9විදේශයකදී නිරූපණයට අවස්ථාවක් ලැබුණේ නැතිද?

ගොඩක් ලැබිලා තියෙනවා. මට ඒක අවස්ථාවකදී ලොකු ප‍්‍රතිචාරයක් ලැබුණා. මොකද එතැන හිටපු ගොඩක් අය සුදුයි. මට විතරයි ඩාක් ස්කින් එකක් තිබුණේ. ඒ හින්දා ඉන්දියාවෙන් මට දෙපාරක් විතර කතා කළා.

පිටරටදී ඔබ පෙනුමට ලොකු වටිනාකමක් තියෙනවාද?
පැහැය නිසා ලොකු වටිනාකමක් තියෙනවා.

ඔබ මොනවගේ කෙනෙක්ද?

මම හරි සරලයි. ගොඩක් කැමැති පාඩුවේ ඉන්න.

මෙතැන වැඩ කරන්නේ?

මේ ක්‍ෂේත‍්‍රයේ වැඩ කරද්දි හැම පැත්තෙන්ම පරිස්සම් වෙන්න ඕනෑ. සමාජයත් එක්ක ඉදිද්දී අපි කොහොමටත් පරිස්සම් වෙන්න ඕනෑ.

සමාජය මේ කියන්නේ නිරූපිකාවන්ට හැදියාවක් නැහැ කියලා?

ඒ එක එක්කෙනාගේ මත. හැදියාවක් නැහැ කියන්න බැහැ.

ඔබ සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ?

මට ලැබෙන ඉරියව්ව අනුව තමයි මම ක‍්‍රියා කරන්නේ. මට වැරදි ඉරියව්වක් ලැබුණේ මම එයාට ආචාර සම්පන්න වෙන්නේ නැහැ.

ඔබට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙලා නැතිද?

එහෙම වුණේ නැහැ කිව්වොත් මම කියන්නේ බොරුවක්. ඉවසාගෙන ඉන්න බැරි වුණොත් මම නම් අනෙක් පැත්තට කතා කරනවා.

ඔබ ටිකක් වසයි?
අවංකවම කිව්වොත් මම වසයි. නැතිනම් මේ ලෝකයේ ජිවිත්වෙන්න බැහැ.

ඔබ කළුවීම ගැන දුක්වෙනවාද?remote image

අයියෝ නැහැ. මම හරිම සතුටුයි.

කවුද මේ කළු කෙල්ලගේ හිත දිනාගත්තේ?

මම නම් ඇත්තටම සම්බන්ධතාවයකට යන්නේ නැහැ. මොකද මම දුක්විඳලා තියෙනවා. මම මගේ පාඩුවේ අම්මාවත් බලාගෙන ඉන්නවා.

විවාහය ගැන හිතන්නේ?

විවාහය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. විවාහයට සුදුසුස්වා ලැබෙන්නේ ඕනෑ. සුදුස්සා නැතිව විවාහ වෙන්න බැහැ. මම නම් හිතන්නේ සුදුස්සා එනකං ඉවසං ඉන්න එක තමයි හොඳ.

වැඩිය මාධ්‍ය ඉදිරියට නොඑන්නේ ඇයි?

නිරූපණය මගේ විනෝදාංශය වගේම රස්සවා. මම වැඩිය පබ්ලිෂ් වෙන්න කැමැති නැහැ.
ඇයි ප‍්‍රසිද්ධියට අකමැති?
මම ප‍්‍රසිද්ධියට කැමැති නැහැ. ඒක තමයි හේතුව.

ක්‍ෂේත‍්‍රයට ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු හයක් විතර වෙනවා.

නමුත් වැඩිය කට්ටිය ඔබව දන්නේ නැහැ?14snww9

ඔව් මාව අදුරන අය අඩුයි. මොකද ෆන්ෂන් වලට යන්නේ අඩුවෙන්.

රට අතහැරලා යනවා කියන්නේ?

ලංකාවෙන් පිට වෙන්න තමයි අදහස. බලමු මොකද වෙන්නේ කියලා.

ඇයි එහෙම කරන්නේ?

ලංකාවේ ඉන්න එච්චර කැමැත්තක් නැහැ. අම්මාත් එක්ක ලංකාවට එන්න වුණ නිසා ඉන්නවා. මම කැමැති පිටරටක ජිවත්වෙන්න.

දිගටම මෙතැන රැදෙන්න අදහසක් නැහැ?
ඔව්. මටත් කියලා ජිවිතයක් තියෙන්න ඕනේ. පිටරටකට ගිහින් මොනවා හරි කරන්න බලනවා. මට හරි පාට්නර් කෙනෙක් ලැබුණොත් මෙහෙම ඉන්නවා.




සාකච්ඡා කලේ දිනේෂ් විතාන
උපුටා ගැනීම දිවයින මීවීත අතිරේකය

No comments:

Post a Comment