Tuesday 13 August 2013

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට සහ මරණයට ලක්වේලා

පසුගිය දිනවලදි වැලිවේරිය ප්‍රදේශයේ ඇතිවු සිද්ධියෙන් පෙනි යන්නේ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට සහ මරණයට ලක් වි ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පල කර සිටියේ ඊයේ (12) කොළඹ පැවති උත්සවයකට එක් වෙමිනි. ඒ වෙඩි තැබිමට ඒ මිනිමැරුමට අණ දුන්නේ කවුද? හමුදාව යැවුවේ කවුද? නැත්තම් වෙනත් කෙනෙක් යැවුවාද ? එයාට තිබෙන බලය මොකක්ද? යනුවෙන් අමත්‍යවරයා මෙහිදි ප්‍රශ්න කර සිටියා .ආරක්ෂක ලේකම්තුමා ප්‍රකාශ කර සිටින්නේ තමන් හමුදාව එතැනට නොයැවු බවයි.කෙසේවෙතත් ආරක්ෂක ලේකම්තුමා හෝ ජනාධිපතිතුමා මේ පිරිස් මෙතැනට යැවුවේ නැතිනම් මෙයාලව මෙතනට යැවුවේ කවුද කියන එක පිළිබද ප්‍රශ්නයක් ඇති බවද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර සිටියා.
මෙවැනි නියෝගයක් දිපූ පුද්ගලයාට මොනතරම් බලයක් ඇතිද යනුවෙන් ප්‍රකාශ කල අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බලයක් ඇතුලේ බලයක් පැවතිම ඉතා භයානක තත්වයක් බවයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අනතුරක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

No comments:

Post a Comment