වැලිවේරියේ සිදුකළ මහා බිහිසුනු මිනිස් සංහාරයේ
දී ඝාතනය කළ නමුත් මෙතෙක් ඒ බව නොඅඟවා දැඩි සත්කාර ඒකක වල සිටින බව
පවසමින් සිටින තවත් අහිංසක පුද්ගලයන් තිදෙනෙකුගේ වාර්තා ලංකා ඊ නිව්ස්
අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී තිබේ.
ඒ අය මෙසේය:
• නම: ශාන්ත දිනේෂ්
වයස: අවු 45 යි
ලිපිනය: 230/7, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 974/2013
හිසේ වම් පසට වෙඩි වැදී මොලයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පහර දීමෙන් වම් කණට ඉහලින් හිස් කබල පුපුරා ගොස් තිබේ.
• නම: සුනන්ද පෙරේරා
වයස: අවු. 37 යි
ලිපිනය: 1/58, ජයලත් නිවාස, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 983/2013
හිසට උල් ආයුධයකින් ඇණ ඇත. පහර දීමකින් දකුණු කණට පහලින් ඛෙල්ලේ නහරයක් විසන්ධි වී ඇත. හිසේ පිටුපසට එල්ල කළ පහර දීමක් හේතුවෙන් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත.
• නම: ඩී.ඩී. ජයවර්ධන
වයස: නොදනීි
ලිපිනය: 75/1, විල්ගොල්ල, පෙතියාගොඩ, ගම්පහ.
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 987/2013
ටෙලිකොම් සේවකයෙකි. වැඩ ඇරී පැමිණ දරුවාගේ බඩේ අමාරුවක් නිසා දෙහි ගෙඩියක් ගෙන ඒමට කඩයට ගොස් ඇත. යකඩ පොලූ පහරකින් හිස් මුදුනේ හිස් කබල බිඳී ගොස් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පිටෙහි අඟල් 6 හමාරක පමණ පහර දීමකින් වූ බරපතල තැලීමක් ඇත.
ඉහත තිදෙනා ජීවතුන් අතර නැතත් දැනට දැඩි සත්කාර ඒකක වල සිටින බව පවසමින් ජනතාව මුලා කරමින් සිටී.
ඊට අමතරව පැරණි 'ඇපලෝ රෝහල' හෙවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සභාපතිත්වයෙන් වර්තමානයේ 'ලංකා හොස්පිටල්ස්' නමින් නාරාහේන්පිට පවත්වාගෙන යන රෝහලෙහි මළ සිරුරු 3 ක් සඟවා තිබේ. එම මළ සිරුරු 3 එහි ගෙන ආවේ වතුපිටිවල රෝහලේ සිටය. වතුපිටිවල රෝහලෙන් අධිකරණ වෛද්‍ය පෝරම පුරවන්නේ නැතිව (ජී.එච්.ටී. අකංයක් නොයොදා) මෙම සිරුරු ඇපලෝ රෝහල වෙත ගෙනැවිත් තිබේ. ජීඑච්ටී අංකයක් නොමැති බැවින් මෙම මළ සිරුරු කොතැනක හෝ වාර්තා ගත වී නැත. තත්ත්වය මරාණ්ඩුවට අවාසි බැවින් මෙම මළ සිරුරු විනාශ කරන්නැයි ඊයේ රාත්‍රී සභාපති ගෝඨාභය විසින් නියෝග කළ බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වී ඇත.
රාජපක්ෂලා පසුගිය යුද සමයේදී ද මේ අයුරින්ම වාර්තා ගත නොකර මළ සිරුරු විනාශ කෙළේය. ආසන්න යුද සමයේදී හමුදාවන්හි පමණක් 2000 ක් මිය ගිය බව යුද්දයෙන් පසුව නිල වශයෙන් පැවසුවද අවමංගල උත්සව 2000 ක් දකුණේ පැවැත්වූයේ නැත. එක මරණ දැන්වීමක්, පිං පැමිණවීමේ දැන්වීමක් හෝ ජනමාධ්‍යයන්ගේ ප්‍රසිද්ධ කෙළේ නැත. යුද්දයේදී මරා දැමූ සතුරාගේ මළ සිරුරු සමග හමුදාවේ මිය ගිය අයගේ මළ සිරුරුද මේ ලෙසම සිරුරු ඥාතීන්ට බාර නොදී අස්ථංගත කෙළේය. මළ සිරුර වල හිස සහ බඩ පළා දමා මහ මුහුදේ ගිල්වා දැමූ බවට 'ලංකා ඊ නිව්ස්' වෙත සාක්ෂි තිබේ.
ඒ ආකාරයටම වැලිවේරියේ වාර්තා ගත නොකළ සිරුරු ද විනාශ කිරීමට ආරක්ෂක ලේකම් වරයා විසින් ඊයේ නියෝග කර ඇත.
වාර්තා වී ඇති පරිදි වැලිවේරියේ සමූහ ඝාතනයෙන් පසුව පුද්ගලයින් 20 ක් අතුරුදහන් වී ඇත.

No comments:
Post a Comment