කොළඹ දකුණු වරායේ නව දියකඩනය සහ පළමු පර්යන්තය අද (05) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ගිවිසුම 2005 වසරේදී ශ්‍රී ලංකා රජයත් ආසියානු සංවර්ධන බැංකුවත් අතර අත්සන් කෙරිණි.
මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1,000කි.
මෙම පර්යන්තය ඉදිකිරීමත් සමඟ ශ්‍රී ලංකා වරාය
අධිකාරිය සතු අනෙකුත් පර්යන්තයන්හි එකතුවෙන් ඉතා කාර්යක්ෂම සේවාවක් නාවික
ක්ෂේත්රය වෙත ලබාදීමට හැකියාව ලැබෙන බව පැවසේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පැමිණෙන නෞකාවන් සඳහා ගත කිරීමට සිදු වන කාලය මේ මඟින් අඩු වේ.
පුසිගය 2011 වසරේ දෙසැම්බර් මස 16 දා ඇරඹි
වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් සමඟ කොළඹ වරාය ලොව විශාලතම බහාලුම්
නෞකාවන් හැසිරවිය හැකි නව මෙහෙයුම් මැදිරියකින්ද සමන්විත වේ.
ආනයන හා අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ද මේ මඟින් හැකිවන බවද පැවසේ.
මෙමගින් බිහිවන ඍජු හා වක්‍ර රැකියා ගණන 25,000ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ.
අනෙකුත් සේවාවන් නිසාත් 100,000ක පමණ රැකියා අවස්ථා උත්පාදනය වේ.
වරාය පුළුල් කිරීමේ මෙම ව්‍යාපෘතියත් සමඟ ලොව විශාලතම බහළුම් නෞකා හැසිරවිය හැකි නව මෙහෙයුම් මැදිරියකින් ද ඉදිව තිබේ.
එක් පර්යන්තයක බහාලුම් ධාරිතාව මිලියන 2.4කින් යුත් පර්යන්ත 03ක් මෙහි ඉදි කෙරේ.
මේ එක් පර්යන්තයක දිග මීටර් 1200ක් පමණ වන අතර ගැඹුර මීටර් 18කි.
ඉතා නවීන පර්යන්ත උපකරණ ස්ථානගත කිරීමට නියමිත බැවින් Triple E Class වර්ගයේ නෞකාවක් මෙහෙයවීමේ හැකියාව ද මේ මඟින් කොළඹ වරාය සතු වේ.
මේ ව්‍යාපෘතිය මඟින් බහාලුම මිලියන 7.2ක
ධාරිතාවක් එක් වන නිසා දැනට කොළඹ වරාය සතු පවතින බහලුම් මෙහෙයුම් මිලියන
4.8ක ධාරිතාව ද එක් වූ විට එය මිලියන 12 දක්වා වර්ධනය වනු ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකයට සක්‍රීය දායකත්වයක්
ලබාදෙන කොළඹ දකුණු වරාය සමස්ත ව්‍යාපෘතිය 2016 වන විට අවසන් කිරීමට නියමිත
බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
ඡායාරූප - සුදත් සිල්වා
No comments:
Post a Comment