Tuesday 13 August 2013

පුත්තලම පොලිස් මුරපොළ ඉවත් කර ඇත.



පුත්තලම බස් නැවතුම්පොළේ පොලිස් මුරපොළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කාර්යාලයක් අද විවෘත විය.
පුත්තලම නගර සභාව සතු මෙම ගොඩගිල්ලේ පසුගිය වසර තුන තිස්සේම පොලිස් මුර පොල පැවතියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එය විවෘත කළේය.
පුත්තලම ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයය එයයි.
කාර්යාලයය විවෘත කළ සැණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වයඹ අපේක්ෂකයන්ගේ දැන්වීම් එහි ප්‍රදර්ශනය කැරිණි.
අද සිට නගරයේ පොලිස් මුරපොළ ඉවත් කර ඇත.
 

No comments:

Post a Comment