Tuesday 13 August 2013

වේගය පාලනය කර ගැනීමට නොහැකිව නාමල්ගේ ආරක්‍ෂක රථයක් අනතුරක…

හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට ආරක්ෂාව සපයමින් ගමන් කළ යුද හමුදාවේ ඩිපෙන්ඩර් රථයක් පෙරේදා (11) ඔඞ්ඩුසුඩාන් කෝඩාල්කල්ලූ ප‍්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරට ලක්ව තිබේ.
අනතුරින් එහි ගමන් කළ හමුදා සෙබළුන් හත්දෙනකු තුවාල ලබා මුලතිව් මාංචෝලේ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ඔඞ්ඩුසුඩාන් පොලිසිය පවසයි.
මුලතිව් වෙරළේ පැවති වොලිබෝල් තරගයක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නාමල් රාජපක්ෂ මහතා මුලතිව් බලා ගොස් ඇති අතර අනතුරට පත් රථය මන්ත‍්‍රීවරයාට ආරක්ෂාව සපයමින් පසුපසුන් ගමන් කරමින් සිටිය දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන අනතුරට පත්ව තිබේ

No comments:

Post a Comment