පළාත්
සභා මැතිවරණය සදහා නාම යෝජනා භාර දිමෙන් අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්
එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා මැතිවරණ නීති
උල්ලංඝණය කරයි.
නාමයෝජනා බාරදීමේ කාලය අවසන් වීමෙන් පසු
ඊයේ (01) පස්වරුවේ කුරුණෑගල බස්නැවතුම් පළේදී රැස්වීමක් පැවති අතර, ඊට
අමාත්‍ය ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, එස් බී නාවින්න සහ එජනිස
අපෙක්ෂකයින් වන පියුමාල් හේරත් සහ මංජුලා දිසානායක යන අය එක්ව සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නීතිඥ
දයාසිරි ජයසේකර, පියුමාල් හේරත් යන අපෙක්ෂකයින්ගේ දැවැන්ත කටවුට්
ප්‍රදර්ශණය කරමින් මෙම රැළිය පැවැත්විණ.
මෙම රැස්වීම නවත්වන ලෙස කුරුණෑගල ජ්‍යෙෂ්ට පොලිස් අධීකාරිවරයා නියෝග කළද එම නියෝගය නොතකමින් මෙම රැස්වීම පැවති බව වාර්තා වෙයි. මෙහිදී දයාසිරි මහතා සහ පොලිස් නිලධාරින් අතර බහින්බස් වීමක්ද සිදුව ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට ද පැමිණිලි කර ඇත.
මෙම ක්‍රියාව පළාත් සභා පනතේ 69 වන වගන්තිය උල්ලංඝණය කරන ක්‍රියාවක් බවත්, මෙම නීති විරෝධී ජනහමුව නවතා දමන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත සමරකෝන් මහතා ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීමද නොතකමින් මෙම ජනහමුව පවත්වා තිබෙන බවත් කැෆේ සංවිධානයේ පැමිණිල්ලේ සඳහන්වේ.
වයඹ මැතිවරණය ආරම්භයේදී මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නීතියේ ආධිපත්‍යයට අභියෝග කරමින් සිදුකළ මෙම ක්‍රියාව පිළිබදව සොයා බලා පියවර ගන්නා මෙන්එම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් ඉල්ලා තිබේ.
කෙසේවුවද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හැරුණු කොට නාම යෝජනා දිනයේදී කිසිදු ආකාරයක ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවන බව කැෆේ සංවිධානය පවසයි.
රජයට අයත් වාහන පෙළපාලි සදහා යොදා ගැනීම්
විශාල වශයෙන් වාර්තා වන බවත්, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක වල මෙම
තත්වය බරපතල ලෙස දක්නට ලැබෙන බවත් එම සංවිධානය නිකුත් කල නිරීක්ෂණ වාර්තාවේ
සදහන් වෙයි.
එම නිරීක්ෂණ වාර්තාවට අනුව පුත්තලම, මාතලේ, යාපනය, මුලතීව් හා කිසිදු බරපතල අකාරයේ සිදුවීමක් ඊයේ වාර්තා වී නොමැත.
කිලිනොච්චි, මාතලේ සහ නුවරඑළිය
දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් ස්ථාන කිහිපයක
දී පෙළපාලි පවත්වා ඇති බවත් කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
No comments:
Post a Comment