කඹුරුපිටියේ පදිංචි 15 හැවිරිදි දැරියක කෙළෙසීමේ සිද්දියක් සම්බන්ධයෙන් එම දැරියගේ වැඩිමහල් සොයුරියගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකරු දැරියට අතවර කර ඇත්තේ මාස්මුල්ල රක්ෂිතයේ නයිගලකන්ද නැමැති ස්ථානයට ඇදගෙන ගොස් බව පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
දැරිය එසේ ඇදගෙනගොස් ඇත්තේ ඇගේ වැඩිමහල් සොයුරිය වන සැකකරුගේ බිරිය කාමරයකට දමා සිරකර තබාය.
දැරිය සැකකරුගේ නිවසේ පදිංචිව සිට ඇත.
සැකකරු හා දැරිය සොයා ගම්වාසීන් පරීක්ෂණ කරද්දී දැරිය නිවසට පැමිණ ඇත.
පසුව දැරිය පවසා ඇත්තේ සැකකරු විසින් ඉකුත් ජුනි 15 වැනිදා ද මෙලෙස සැකකරු විසින් තමාට අතවර කළ බවයි.
දැරිය මේවන විට රෝහල්ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment