Monday 12 August 2013

මාතලේ ඡන්දෙට වැඩකල සීනොර් වාහනයක් අනතුරේ

මාතලේ ඡන්දෙට වැඩකල සීනොර් වාහනයක් අනතුරේ - කැෆේ පැමිණිල්ල සාක්ෂි සහිතව ඔප්පු වෙයි

 මාතලේ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උජිත අනුරාධ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගනිමින් තිබු සී නෝර් පදනමට අයත් වාහනයක් අනතුරට ලක්වෙයි.සී නොර් පදනමට අයත් වාහන විශෘල සංඛ්‍යාවක් මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදාගනිමින් සිටින බවත්, ඒවා ඉතාඅපරික්ෂාකාරීව ධාවනය වන බවත් සදහන් කරමින් සී නෝර් ආයතනයට, මාතලේ දිසාව භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී වරයාට සහ මැතිවරණ කොමසාරිස් වරයා වෙත කැෆේ සංවිධානය අද පෙරවරුවේ ලිඛිතව පැමිණිලි කළේය. (එම ලිපි අමුණා ඇත) 

අද පස්වරුවේ කැෆේ සංවිධානය වෙත වාර්තා වුයේ මේ අතරින් එක් වාහනයක් අනතුරට ලක්ව ඇති බවයි.මෙලෙස අනතුරට පත්වු සී නොර් පදනමට අයත් කොළ පැහැති කැබ් රිය මේවනවිට මහවෙල පොලීසියේ ගාල් කර තිබේ. මෙම අනතුරින් තුවාල ලැබුවන් දෙදෙනෙක් මාතලේ මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

මාතලේ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙක් වන උජිත අනුරාධ මහතා සීනොර් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ වරයා වෙයි.මේ හේතුවෙන් එම පදනමට අයත් වාහන ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගෙන තිබේ.


මාධ්‍ය ඒකකය - කැෆේ සංවිධානය 2013/8/12


No comments:

Post a Comment