Tuesday 13 August 2013

මිනින්දොරුවෝ රජයට විරෝධය පළකර තිබේ



මිනින්දොaරුවන් මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් ලබානොදීම පිළිබඳව රජයට විරෝධය පළකරමින් රජයේ මිනින්දොaරු සංගමයට අයත් සියලුම සාමාජිකයන් අද (13 දා) සිට 16 වැනිදා දක්‌වා නැවතත් ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

රජයේ මිනින්දොaරු සේවා සංගමයේ ලේකම් දිනුෂ ප්‍රභාත් මිල්ල විතානාරච්චි මහතා මේ පිළිබඳව "දිවයින" ට මෙසේ පැවසීය.

ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වීමත් සමඟ රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක මැනුම් කටයුතු නතර වෙනවා. එපමණක්‌ නොවේ. රට පුරා සිදුවෙන ඉඩම් මැනුම් කටයුතු ද නතර වෙනවා.

අපි අවුරුදු හතක්‌ තිස්‌සේ රජයෙන් අපේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා සිටියත් අද වනතුරු අපේ ප්‍රශ්නවලට රජය විසඳුම් ලබාදී නැහැ. රජයේ කඩවුණු පොරොන්දුවලට රැවටෙන්න අපි සූදානම් නැහැ.
 

No comments:

Post a Comment