Tuesday 13 August 2013

වෙළෙඳ අමාත්‍යාංශයේ වාහන 28ක්‌ ජොහාන් ප්‍රනාන්දුගේ ඡන්ද වැඩට



සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට අයත් වාහන විසිඅටක්‌ (28 ක්‌) මේ වන විට කුරුණෑගල හා වයඹ ප්‍රදේශයේ දේශපාලන කටයුතුවලට යවා ඇති අතර එනිසා වෙළෙඳ අමාත්‍යාංශයේ කටයුතුවලට කුලී පදනම මත වාහන ලබාගෙන ඇතැයි එහි උසස්‌ නිලධාරියෙක්‌  පැවසීය.

මීට අමතරව වී අලෙවි මණ්‌ඩලයට අයත් ඩෙක්‌ස්‌ටොප් පරිගණක යන්ත්‍ර දෙකක්‌ ද කුරුණෑගල පිහිටි දේශපාලන කාර්යාලයකට ගෙන ගොස්‌ ඇතැයි හෙතෙම කියා සිටියේය.

වී අලෙවි මණ්‌ඩලයේ ප්‍රධානීන් කිහිපදෙනකු ද දේශපාලන රාජකාරි කටයුතු සඳහා වයඹ පළාතට ගොස්‌ සිටින අතර ප්‍රධාන පෙළේ වී මෝල් හිමිකරුවන් හතරදෙනකුට දේශපාලන ප්‍රචාරක කටයුතු භාර දී ඇතැයි ද හෙතෙම කියා සිටියේය

No comments:

Post a Comment