Thursday 15 August 2013

දයාසිරි ආගමත් මාරු කරලා


Dayasiri j 410px 16-08-13වරන් වර පක්ෂ මාරුකරන දයාසිරි ජයසේකර මහතා, ජනප්‍රිය සුරූපී කාන්තාවකගේ ඉල්ලීම මත ආගමද මාරු කල අයකු බව එජාප මන්ත්‍රී අඛිල විරාජි කාරියවසම් මහතා අවධාරණය කර සිටියි.
මන්ත්‍රීවරයා එබව සඳහන් කලේ, 'හිරු' රුපවාහිනිය විසින් ඊයේ (15) රාත්‍රී සජීවී ලෙස විකාශය කල  'බලය' නමැති වැඩසටහනට සහභාගිවෙමිනි.

2004 මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අත්සන් තැබූ නාමයෝජනා පත්‍රයේ දිවුරු ප්‍රකාශය පෙන්වමින් මන්ත්‍රීවරයා එම කාරණය පැහැදිලි කළේය.

පක්ෂ නායකයාගේ කැපිලි කෙටිලි නිසා  මාරු කල බව කියන දයාසිරි ජයසේකර මහතා, ආගම මාරු කලේ බුදුන් වහන්සේගෙන් සිදුවූ කැපිල්ලක් නිසා දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.


එම වැඩසටහනට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සහභාගිවූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දැඩි බාධා කිරීම් හමුවේ, කරුණු දැක්වූ  අඛිල විරාජ්  මන්ත්‍රීවරයා, දිවුරු ප්‍රකාශයකදී ප්‍රතිඥා දෙමි කියා අත්සන් කරන්නේ බෞද්ධයින් බවත්, අන්‍යගමිකයින් අත්සන් කරන්නේ 'දිව්රුම් දෙමි' කියා බවත් සඳහන් කළේය.


මේ අතර මෙම වැඩසටහනට සහභාගී වූ රංජන් රාමනායක මහතා, ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ මහතාගේ ආගම කුමක්‌දැයි
අරුන්දික මන්ත්‍රීවරයා ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ, ඇය කතෝලිකයකු බවයි.

එම වැඩ සටහනේ තේමාව වී තිබුනේ,  වයඹ මැතිවරණය සහ දේශපාලන පිල් මාරුව යන්නයි.

ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අරුන්දික ප‍්‍රනාන්දු සහ ශාන්ත බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එක්වු අතර, විපක්ෂය නියෝජනය කරමින් ඊට එක්වූයේ අකිල විරාජ් කාරියවසම් සහ රන්ජන් රාමනායක යන එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනාය.

මෙම  වැඩසටහනට සහභාගිවන බවට එකඟව සිටි දයාසිරි ජයසේකර මහතා අවසන් මොහොතේදී ඊට සහභාගිවීමට නොහැකි බව දැනුම්දී තිබිණ.

No comments:

Post a Comment