Tuesday 13 August 2013

පැ.සැ 700ක වේගය සහිත නව ගොඩබිම් ප‍්‍රවාහන ක‍්‍රමයක්

.
මහනගර සම්බන්ධ කරමින් තැනෙන දැවැන්ත නළයක් තුළ මගී කුටීර දෙපසට විදිමින් මෙතෙක් මිහිපිට නොවූ විරූ වේගයක් සහිත නව ප‍්‍රවාහන ක‍්‍රමයක් ඇමරිකාවේදී එළිදැක්වුණා. මෙම ක‍්‍රමය මගින් පැයට සැතපුම් 700ක පමණ වේගයක් ලබාගත හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. දැනට කි‍්‍රයාත්මක ප‍්‍රවාහන සේවාවන්ට හාත්පසින්ම වෙනස් නව ක‍්‍රමය සඳහා යොදා ගැනෙන්නේ නළයක් තුළ අව පීඩනයකින් වස්තුවක් වේගයෙන් චලනය කළ හැකි වීමේ මූලධර්මයයි. එය ඉදිකිරීමට වැය වන්නේ අධිවේගී විදුලි දුම්රිය තැනීමට වැය වන මුදලෙන් දහයෙන් එකක වියදමක්. නව ප‍්‍රවාහන ක‍්‍රමය හඳුන්වා දී ඇත්තේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරික එලන් මස්ක් විසින්. කෙසේ නමුත් මෙය තවමත් පවතින්නේ සැලසුම් මට්ටමින්.

No comments:

Post a Comment