Tuesday 13 August 2013

පල්ලි හදලා යාඥා කරන එක නෙවෙයි ප‍්‍රශ්නේ.ඒවත් එක්ක ඔවුන් මේ රටේ නීතියට අනුව නෙවෙයි වැඩ කරන්නේ - ගලගොඩ අත්තේ ඥාණසාර හිමි

දැන් මේ රටට පන්සලූත් කෝවිලූත් පල්ලිත් වැඩි බව අගමැතිවරයාට තේරෙන්නේ නැති නිසා මින් පසුව මේ රටේ කිසිම පල්ලියක්වත්, පන්සලක්වත්, කෝවිලක්වත්, භාවනා ආයතනයක්වත් හදන්න අවසර දෙන්න එපා යයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
ග‍්‍රෑන්ඞ්පාස් සිද්ධියට මුල් වූ ‘තව්හික් ජමාද් ’නැමති අන්තවාදී මුස්ලිම් කල්ලිය පිළිබද තොරතුරු අණාවරණය කරගෙන ඔවුන් මෙරටින් පළවා හැරීමට කටයුතු කරන ලෙසද ආරක්ෂක වලින් ඉල්ලා සිටින බව කුරුණෑගල බොදුබල සේනා සංවිධානයේ කුරුණෑගල දිසා සමුළුව අමතමින් උන් වහන්සේ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ,
”අප හැමවෙලේම කතා කරන්නේ මුස්ලිම් අන්තවාදයක් පිළිබදවයි.අපි මේ කතා කරන වෙලාවෙත් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් රැසක් කි‍්‍රයාත්මක වෙනවා.ඔවුන්ගේ ස්වරූපය හදුනාගන්න හරි අමාරුයි.තලෙයිබාන් මත දරන,අල්කයිඩා,ජිහාඞ් වැනි මත දරන,අන්තවාදී දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ හුගක් අන්තවාදී කල්ලි අද මේ රටට බැහැලා ඉන්නවා.
අපේ සාම්ප‍්‍රදායික අහිංසක මුස්ලිම් සහෝදරවරු මේ අන්තවාදී කණ්ඩායම් වලින් ගලවගන්න  ඕන නිසයි අප මේ හෙළිදරව්ව කරන්නේ.වාර්ගික සුහදතාවට යටින් ඉදගෙන මහ ජාතියටත් පිහියෙන් අනිමින් ඉන්න අන්තවාදී කල්ලි ගැනයි අපි මේ හෙළිදරව්ව කරන්නේ.එම නිසා ඒ හෙළිදරව්වෙන් මුස්ලිම් ජනතාව සන්තොසයට පත්වෙන්න  ඕනේ.
ග‍්‍රෑන්ඞ්පාස් සිද්ධිය පිළිබදව විශාල කලබැගෑනියක් ඇති වුණා.අපි ඉතා වගකීමෙන් කියනවා ග‍්‍රෑන්ඞ්පාස් වල පල්ලි 2ක් තිබුණා.පන්සලේ හාමුදුරුවො සහ අවට ජනතාව පැව
සුවා මේ පල්ලි වැඩියි කියලා. ඇත්තටම මේ රටට පල්ලි වැඩියි.දැන් මේ රටට පන්සලූත් වැඩියි.කෝවිලූත් වැඩියි.අර අගමැතිවරයාට තේරෙන්නේ නැති නිසා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මින් පසුව මේ රටේ කිසිම පල්ලියක්වත්, පන්සලක්වත්, කෝවිලක්වත්, භාවනා ආයතනයක්වත් හදන්න අවසර දෙන්න එපා කියලා.මේ තියන ඒවා දැන් හොදටම ඇති ”යැයි පැවසූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
”මේ වයඹ පළාතේ පන්සල් වැහෙනවා.මේ නිසා මේ රටට අලූතෙන් ආගමික මධ්‍යස්ථාන මොනවත් එපා.මුස්ලිම්වරු ටිකක් ගමකට එනවා.ටික දවසකින් එන පිරිස හතලිහක් වෙනවා.අටවනවා පල්ලියක්.හතලිහට එකක් ගානේ මේ රටේ පල්ලි හදන්න ගියොත් මොකද වෙන්නේ?ඔවුන් පල්ලි හදලා යාඥා කරන එක නෙවෙයි ප‍්‍රශ්නේ.ඒවත් එක්ක ඔවුන් මේ රටේ නීතියට අනුව නෙවෙයි වැඩ කරන්නේ.මුස්ලිම්වරුන් මොන ව්‍යාපාර වලින් ශක්තිමත් වුනත් කමක් නැහැ.හැබැයි ඔය අරාබි නීතිය මේ රටට ගේන්න එපා කියලා අපි කියනවා.
පහුගිය දවස් වල ගල්ගමුවේ මුස්ලිම් කාන්තාවක් සිංහල කොල්ලෙක් එක්ක යාළුවුණා.හැබැයි ඒ සිද්ධියට කි‍්‍රයාත්මක වුණේ ලංකාවේ නීතිය නෙවෙයි.ඒ කාන්තාව පල්ලියට අරන් ගිහින් කාන්තාවන් පිරිසක් පොල්පිති අරන් වටකර ගෙන පහර දුන්නා.කෝ අර නිමල්කා ප‍්‍රනාන්දුලාගේ මානව හිමිකම්.උඹලා මේවට කතා කරලා තියනවද.කාන්තා හිංසනය ගැන කතා කරන කොළඹ හතේ නෝනලා ඒ අහිංසක ගෑනි ගැන කතා කළාද?මේ සිද්ධිය මාධ්‍ය වල පළවුණා”යැයි ප‍්‍රකාශ කළහ.

No comments:

Post a Comment