Tuesday 13 August 2013

පැමිණිලි 87 කින් 86 ක්‌ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එරෙහිව

 

මැතිවරණ කාර්යාලයේ පැමිණිලි ඒකකයට ඊයේ (13 වැනිදා) දිනය වන විට ලැබුණු පැමිණිලි 87 කින් 86 ක්‌ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එරෙහිව හා එම පක්‍ෂයේ අභ්‍යන්තර කණ්‌ඩායම් අතර ඇතිවූ ගැටුම් පිළිබඳව බව එහි ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

රජයේ වාහන අනිසි ලෙස යොදවා ගැනීමේ පැමිණිලි 16 ක්‌ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදවා ගැනීම් 13 ක්‌ භාණ්‌ඩ බෙදා හැරීමේ පැමිණිලි 12 ක්‌ ඒ අතර වෙයි.

මෙම පැමිණිලි අතුරින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් 19 ක්‌, මාතලේ දිස්‌ත්‍රික්‌කයෙන් 15 ක්‌, මහනුවරින් 10 ක්‌ හා යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් 8 ක්‌ වාර්තා වී ඇතැයි එම ඒකකයේ නිලධාරියෙක්‌ පැවැසීය.

                                 මේ අතර එම පැමිණිලි ඒකකයට ඊයේ (13 වැනිදා) දිනය වන විට ලැබුණු පැමිණිලිමැතිවරණ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නීති විරෝධී ලෙස සිදුකර ඇති රාජ්‍ය සේවා ස්‌ථාන මාරු කිරීම් හා උසස්‌ කිරීම් 7 ක්‌ මැතිවරණ කාර්යාලයේ මැතිවරණ පැමිණිලි ඒකකයේ සෘජු මැදිහත්වීම මත අත්හිටුවා තිබේ.

උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා විසුරුවා හැරි දිනයෙන් පසුව එම මැතිවරණ බල ප්‍රදේශවල මැතිවරණය අවසන් වන තෙක්‌ කිසිදු රාජ්‍ය ආයතනයක සේවක බඳවා ගැනීම්, උසස්‌වීම් ලබාදීම හා ස්‌ථාන මාරු සිදුකිරීම තහනම් බවට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා නියෝගකොට තිබිණි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ලංගම ඩිපෝ දෙකක ස්‌ථාන මාරුවීම්, මහනුවර රාජ්‍ය ආයතනයක මාරු කිරීම් 2 ක්‌, නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අධ්‍යාපන කලාප කාර්යාලයක උසස්‌වීම් ලබාදීමක්‌ද ඒ අතර වෙයි.

මේ පිළිබඳව පැමිණිලි ලැබුණු වහාම අදාළ ආයතන මැදිහත් කරගෙන නිවැරදි කිරීමට පියවර ගෙන ඇත.


No comments:

Post a Comment