Tuesday 13 August 2013

නියෝජ්‍ය ඇමැති කොට කලිසමකින් සැරසී කිරිඳිවැල පොලිසියේ යකා නටයි


බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්‌ අත්අඩංගුවට ගැනීම නිසා කෝපයට පත්වූ නියෝජ්‍ය ඇමැතිවරයකු සිය ගෝලබාලයන්ද සමග කිරිඳිවැල පොලිසියට කඩාවැදී පොලිස්‌ නිලධාරීන්ට තර්ජනය කරමින් යකා නැටීම නිසා ඊයේ (13 වැනිදා) සවස උණුසුම් තත්ත්වයක්‌උද්ගත විය.

නියෝජ්‍ය ඇමැතිවරයා පොලිස්‌ නිලධාරීන්ට තර්ජනය කරමින් වැලි ලොරිය සහ සැකකරුවන් බලහත්කාරයෙන් රැගෙන යැමට උත්සාහ කළද පොලිස්‌ නිලධාරීන් නීතිය අකුරටම ක්‍රියාත්මක කර ඇත.

අත්අඩංගුවට ගත් වැලි ලොරිය සහ සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කිරිඳිවැල පොලිසිය කටයුතු කර තිබිණි.

කිරිඳිවැල පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ නගරයේ රාජකාරි කරමින් සිටියදී මෙම වැලි ලොරිය අත්අඩංගුවට ගෙන ඇත. මාර්ග සංවර්ධන අධිකාරියේ නම සඳහන් පුවරුවක්‌ද ලොරියේ සවිකරගෙන යමින් සිටි සැකකරුවන් පරීක්‍ෂා කිරීමේදී වැලි ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර ඔවුන් සතුව තිබී නැත. පසුව පොලිස්‌ නිලධාරීන් සැකකරුවන් සහ වැලි ලොරිය කිරිඳිවැල පොලිසියට රැගෙන ගොස්‌ තිබේ. නියෝජ්‍ය ඇමැතිවරයා සිය ගෝලබාලයන්ද සමග පොලිසියට කඩා වැදී ඇත්තේ ඉන්පසුවය.

නියෝජ්‍ය ඇමැතිවරයා කොට කලිසමකින් සැරසී පොලිසියට පැමිණ ඇති අතර වැලි ලොරිය අත්අඩංගුවට ගත් පොලිස්‌ නිලධාරීන්ට සහ අනෙකුත් නිලධාරීන්ට බැණ තර්ජනය කරමින් රාජකාරියට බාධා කර ඇත.

No comments:

Post a Comment