Tuesday 13 August 2013

නවිපිල්ලේ මෙරටට පැමිණීමට දින 11 ක්‌ තිබියදී .,කැනඩාවේදී ආර්. සම්පන්දන් වෙනුවෙන් පැවැති සාදය




නවිපිල්ලේ මෙරටට ඒමට පෙර කැනඩාවේදී ආර්. සම්පන්දන් වෙනුවෙන් පැවැති සාදයට කොටි හිතවාදී ඩේවිඩ් පූපාල පිල්ලේ පැමිණ සිටි අයුරු.

මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මෙරටට පැමිණීමට තව ඇත්තේ දින 11 කි. ඇය මෙරටට ඒමට පෙර කොටි හිතවාදීහු යළිත් වරක්‌ මතුවී ඇත.

ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් ඊයේ (13 දා) ප්‍රකාශයක්‌ කරමින් නවිපිල්ලේට උපදෙස්‌ දෙමින් දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකා රජයට දැඩි පණිවුඩයක්‌ දෙන ලෙසයි.

"වන්නි මෙහෙයුමේ අවසාන අදියරේදී දසදහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ විනාශ වුණා. කාලය ඉක්‌මගියා. ජාත්‍යන්තර ප්‍රජාව ඇස්‌ වසාගෙන සිටියා. යුද අපරාධ සිදු කිරීමට ඉඩ හැරියා. යුද අපරාධ චෝදනා ගැන ශ්‍රී ලංකාව තුළ නිසි විමර්ශන යාන්ත්‍රණයක්‌ නැහැ. දැන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ආරම්භක කළ යුතුයි, යෑයි සෝල්හයිම් පවසා ඇත.

කොටි බිහිසුණු අපරාධ කරන තුරු නිහඬව සිටි සෝල්හයිම්ගේ මේ ප්‍රකාශයේ අන්තර්ගත වී ඇති අබිරහස කුමක්‌ද? මානව හිමිකම් කොමසාරිස්‌වරිය ලවා අන්තර්ජාතික යුද අපරාධ විමර්ශනයකට මඟපාදා ගැනීමයි.

නවිපිල්ලේ මෙරටට පැමිණීමට දින 11 ක්‌ තිබියදී එරික්‌ සෝල්හයිම් සිය ක්‍රියාදාමයෙන් වන්නි හමුදා නායකත්වයට යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

තමිල් සෙල්වන්, පුලිතේවන් හා නඩේසන් නමැති මිනීමරුවන් මියගිය අවස්‌ථාවේ හඬා වැළපුණේ එරික්‌ සෝල්හයිම්ය. මේ නිසා නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස දියත් වී අති සාවද්‍ය යුද අපරාධ චෝදනා යාන්ත්‍රණය පැහැදිලිය.

එසේම එරික්‌ සෝල්හයිම් ද්‍රවිඩ ඩයස්‌පෝරාවට එකම වේදිsකාවකට පැමිණෙන ලෙසද කියා සිටී. ඉන් ද්‍රවිඩයන්ගේ නීත්‍යනුකූල හිමිකම් ලබාගත හැකි යයිද ඔහු දක්‌වා ඇත.

මේ නීත්‍යනුකුල හිමිකම් යනු ස්‌වයං පාලනයද? සතුරන් අවස්‌ථාව පැමිණි විගස මතුවන බව රුසියාවේ ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වරක්‌ පළ කළේය.

එරික්‌ සෝල්හයිම්ද මෙරට සතුරෙකි. ඔහු දැන් අරඹා ඇත්තේ කොටි සංවිධානය විනාශ කිරීමේ පලිය ගැනීමයි.

ඇමරිකාවේදී වරක්‌ ප්‍රකාශයක්‌ කළ සෝල්හයිම් පැවසුවේ කොටි විනාශ කිරීමට නොහැකි බවයි.

එහෙත් කොටි සමූලඝාතනය විය. චැනල් 04 අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ සහ මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන්ද සාවද්‍ය යුද අපරාධ චෝදනාවේ කොටස්‌කරුවන් ලෙස ක්‍රියා කරයි.

එහෙත් සාවද්‍ය යුද අපරාධ චෝදනාව දියත් කර ඇත්තේ ඇමරිකාවයි. එසේ වූවත් මෙරට බහුතරය මේ සිදුවීමට යන්නේ කුමක්‌ද යන්න නොදනී. නවිපිල්ලේ මෙරටට එන්නේ රටේ යහපතට නොවේ. ඇය එනතුරු විදෙස්‌ අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු, ද්‍රවිඩ සන්ධානය, සහ රාජ්‍ය විරෝධීන්a මෙන්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇතුළු විවිධ පාර්ශ්ව සූදානම් වී සිටී.

මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ යනු ඇමරිකානු රජයට අවශ්‍ය පරිදි නැටවෙන රූකඩයකි. ඇයව ජිනීවා නුවරදී නටවනු ලැබුවේ ඇමරිකානු තානාපතිනි අයිලින් ඩොනහෝයි.

ඩොනහෝගේ මෙහෙයුම මැද නවිපිල්ලේ මෙරටට එන්නේ යුද අපරාධ විමර්ශකයා ලෙසිනි. කොටි ත්‍රස්‌තවාදීන්ගේ ස්‌මාරක ඉවත් කිරීම වැරැදි බවත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට මහාවිරු හෙවත් මියගිය ත්‍රස්‌තයන් සැමරීමට හිමිකම ඇති බවත් පැවසුවේ ඇයයි.

යාපනයේ සිසුන්a දෙවියන් නැමදීමට යැමේදී අත්අඩංගුවට ගත් බව මෙරට සිටින විදේශ මාධ්‍ය ඒජන්ත්වරු ප්‍රකාශ කර තිබුණත් කොටි හිතවාදීහු එය මහාවිරු සැමරුම බවට පිළිගත්හ.

මේ පසුබිම මැද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව දැඩි අවධානයෙන් සිටී.

නවිපිsල්ලේ යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, වව්නියා යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇති අතර තවත් පිරිසක්‌ ඊට වැලිවේරියද ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

එහෙත් ඇය වත්මන් උතුරේසංවර්ධනය හෝ අවතැන් වූවන් ගැන සෙවීමට හෝ ක්‍රියා නොකරන බවත් ඇගේ ඉලක්‌කය සාවද්‍ය යුද අපරාධ චෝදනා ගැන තොරතුරු දැන ගැනීම බවත් පැහැදිලිය. එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයන්ට කිසිදු අවහිරයකින් තොරව උතුරට හා නැගෙනහිරට යැමට ඉඩදිය යුතු යෑයි පැවසුවේද නවිපිල්ලේය.

මේ තත්ත්වය මැද ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයෝ ලක්‌ෂයක හමුදාවක්‌ උතුරේÊපදිංචි කරවීමට රජය සැලසුම් කරන බවට ප්‍රචාරය කර ඇත.

එසේම ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්¾ සම්පන්දන්, එස්‌. සුමන්තිරන් කැනඩාවේ සහ ඇමරිකාවේ සංචාරයක නිරත වී ඇත.

කැනඩාවේ ස්‌කාබරෝහි ජැස්‌මින් ශාලාවේදී සම්පන්දන් වෙනුවෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර්Ê500 කි.

මේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ සිටි පිරිස කවුද? ඒ ඇමරිකානු කොටි ඒජන්ත රුද්රකුමාරන් මෙහෙය වන ඊළම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ නියෝජිතයන්, කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ඩේවිඩ් පූපාල පිල්ලේ, කැනඩා ද්‍රවිඩ කමිටුවේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන්ය.

මෙවන් පසුබිමක්‌ මැද නවිපිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙරටුව විවිධ අබිරහස්‌ ක්‍රියාදාමයන් දියත් වී ඇති බව සනාථ වේ.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා මුලින්ම එල්ල කළේ ද්‍රවිඩ සන්ධානය බව සිහිපත් කළ යුතුය.

මේ නිසා නවිපිල්ලේ මෙරටට පැමිණීමෙන් පසු ඇයට මෙරට විවිධ පාර්ශ්වයන් සාවද්‍ය තොරතුරු සපයනු නොඅනුමානය.

ප්‍රභාකරන්ව පරාජය කිරීම නිසා කෝපයට පත්වී සිටින විවිධ පාර්ශ්ව මෙරට සිටී. ශ්‍රී ලංකාවට එරෙහිව දරුස්‌මාන් විමර්ශන මණ්‌ඩලයට යෑවුණු පෙත්සම් 4000 කට අධික සංඛ්‍යාවකින් අඩක්‌ම මෙරටින් යෑවූ ඒවාය.

ඇගේ බ්ලැක්‌බෙරි ජංගම දුරකථනයට එස්‌.එම්.එස්‌. පණිවුඩ අතිවිශාල සඛ්‍යාවක්‌ ලැබුණු බව ඇය වරක්‌ හෙළිකර තිබුණි.

මෙවැනි වාතාරවණයක්‌ මැද ඇගේ ශ්‍රී ලංකා සංචාරය පුන පුනා බලාසිටින පාර්ශ්වයන් මෙම 25 දා වන තුරු නොඉවසිල්ලෙන් සිටී.

ඒ වන්නි මෙහෙයුමට උරදුන් හමුදා නායකයන් යුද අපරාධකරුවන් කිරීමටයි.

පසුගිය කාලය තුළ ඇමරිකාව විටින් විට පැවසුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

එහෙත් මේ යුද අපරාධ විමර්ශනයට අවශ්‍ය විමර්ශකයා විය යුත්තේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරියයි.

නවිපිල්ලේ මෙරටට එන්නේ එම ඇමරිකානු ඉල්ලීමට ප්‍රතිචාරය දැක්‌වීමට බව පැහැදිලිය.

ඒ සඳහා බොරු සාක්‌කිකරුවන් තොග පිටින් මෙරටින් සොයාගත හැකි බවද ඇය දනී.

බෝල්කන් යුද්ධයේ දී 34700 කට අධික පිරිසක්‌ අතුරුදන් වී ඇතත්, නවිපිල්ලේ ඒ ගැන නිහඬ වී ඇත.

පැරැණි යුගෝස්‌ලෝවියාවේ 500,000 කට අධික පිරිසක්‌ මෙම අතුරුදන්වීම ගැන ස්‌වාධීන ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ ඇගෙන් ඉල්ලා සිටියත් අද වන තුරු ඊට ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

ඊට හේතුව වරදකරු ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය සහ එරික්‌ සෝල්හයිම් නිසාය.

කීර්ති වර්ණකුලසූරිය

No comments:

Post a Comment