Tuesday 13 August 2013

සනත් ජයසූරියගේ තීන්දුවලට පටහැනිව මයිකල්ද සොයිසා


මාතර දිස්ත්‍රික් සනධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගේ තීන්දුවලට පටහැනිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මයිකල්ද සොයිසා මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
සනත් ප්‍රමුඛ තේරීම් කමිටුව විසින් සිංගප්පූරු සංචාරයට තෝරණ ලද වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් පිලට ඇතුළත් ක්‍රීඩකයෙක් එම සංචාරය කට උඩ තිබියදී ඊයේ (13) හා අද (14) පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියට යොදවමින් සනත්ගේ අණට මයිකල් පයින් ගසා තිබේ.
අදාල තරගය වරාය අධිකාරී පිල හා එස්.එස්.සී. පිල අතර පැවැත්වේ.
ශ්‍රී ලංකා පිල අද (14) සවස්වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.
මයිකල්, මෙසේ කටයුතු කර ඇත්තේ එස්.එස්.සී. පිල දිනවීමේ අටියෙන් වන අතර අදාල සංචාරයට නම් කළ ක්‍රීඩකයන් වන කසුන් මධුසංඛ, ධනුෂ්ක ගුණතිලක හා චරිත් ජයන්පති එස්.එස්.සී. පිල නියෝජනය කරනු ලබයි.
මොවුන් තිදෙනාටම අදාල තරගයට ක්‍රීඩාකරන ලෙස මයිකල් බලකර ඇතත්, එම තරගයට එක්ව ඇත්තේ ඉන් එක් ක්‍රීඩකයකු පමණි.
එසේ එක්ව ඇත්තේ ධනුෂ්ක ගුණතිලකය.
අද තරගය අවසන් වූ වහාම ඔහු ගුවන් තොටුපල වෙත යා යුතු බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
සංචාරක වයස අවුරුදු 23න් පහළ පිල සිංගප්පූරු සංචාරයේදී සිය පළමු තරගය සදහා බංග්ලාදේශ 23න් පහළ පිල සමග ලබන 18 වැනිදා පඩාංග් පිටියේදී තරග වැදීමට නියමිතය.

No comments:

Post a Comment