Tuesday 13 August 2013

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සෑහීමට පත්වෙයි


ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස් විය.

එම සිද්ධිය පිළිබඳවත් පක්ෂයක් ලෙස ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදි දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ.

එහිදි අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අංශ ගණනාවකින් පරීක්ෂණ සිදුකෙරෙන බවයි.

කෙසේ වෙතත් එම පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව ඔහු පවසා ඇත.

පසුගිය සෙනසුරාදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර එහිදී පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබුහ.

මේවන විට එම සිද්ධිය සමථයකට පත්කර ඇත.

No comments:

Post a Comment