Thursday 1 August 2013

විමලූයි, චම්පිකයි මහින්දගේ ඇඳ යට..


විමලූයි, චම්පිකයි මහින්දගේ ඇඳ යට..
පසුගිය 30වෙනිදා ජනාධිපතිවරයා හමුවීමට ගිය මාධ්‍යවේදියෙක් ජවිපෙ අනුර දිසානායක කතා කළේ පුදුමයෙන් වාගේ. ”ජනාධිපතිතුමා කියනවා ඉඩම් බලතල, පොලිස් බලතල දෙන්නේ නැහැ කියලා.
ඒවා කොහොමත් තියෙන්නේ එයාගෙ යටතේ කියලා. එහෙනම් විමල් ඇමතිතුමයි, හෙළ උරුමයයි මොකටද මැරෙන්න හැදුවේ. අද සාකච්ඡාවෙදි සමහරු ඇහුවේ ආණ්ඩුවට තව කීයක් එනවද කියලා. සමහර අයට රටේ ප‍්‍රශ්න වැදගත් නැහැ” මාධ්‍යවේදියා අනුර දිසානායකට කීවා.
”අපි මේ සංවාදේ පටන් ගන්නකොටම කීවා මේක ජනතාව නොමග යවන සංවාදයක් කියලා. අපිට අලූතින් කියන්න දෙයක් නැහැ. අපේ ජනාධිපතිතුමා කැකිල්ලේ වගේ කියලා අපි දන්නේ ගොඩක් කල් ඉඳලා. අනික විමල්ලා, චම්පිකලා කිව්වා උතුරේ පළාත් සභා ඉඩම්, පොලිස් ඉවත් කරන්නේ නැතිව ඡන්දේ තිබ්බොත් ආණ්ඩුවෙන් යනවා කියලා. දැන් කියනවා නොවැම්බර්වලට කලින් කමිටු වාර්තාව දුන්නේ නැත්තං කමිටුවෙන් අයින් වෙනවලූ. දැන් චම්පිකලා, විමල්ලා ඉන්නේ ජනාධිපතිගේ ඇඳන්, මේස අස්සේ. මේ අය විගඩම්කාරයෝ ටිකක්නේ. පළාත් සභා ආපු දවසේ ඉඳලා ඉඩම්, පොලිස් බලතල තිබුණේ ජනාධිපතිවරයගෙ යටතේ. ඒක පළාත් සභාවලට දුන්නේ නැහැ. ඒත් උතුරේ තත්වය වෙනස්. ටී.එන්.ඒ එක මේකට ෆයිට් එකක් දෙනවා. දැන් ඡන්දේ නිසා ජනාධිපති ඔහොම කිව්වට මේ ප‍්‍රශ්නෙට ඉන්දියාව මැදිහත් වෙනවා. තියෙන බලතල දෙන්න කියලා බලපෑම් කරනවා. ටී.එන්.ඒ එක මේ හරහා බෙදුම්වාදයට ඕන මතය උතුරේ ජනතාව අතර ගොඩනගනවා. ඒකයි ඇත්ත තත්වේ. ඔයාලටත් මාසෙකට සැරයක් විතර ජනාධිපති මන්දිරයෙන් තේ එකක් බොන්න ලැබෙන එක විතරයි ඔය සංවාදවලින් ලැබෙන්නේ.ඊට අමතරව ජනාධිපතිගේ බොරු ටිකක් අහගෙන එන්න පුළුවන්.” අනුර දිසානායක මාධ්‍යවේදියාට කියා සිටියා

No comments:

Post a Comment